Home Hit ”ජනපති සිරිසේන බොරු කියනවා” – අනූෂ පැල්පිට

”ජනපති සිරිසේන බොරු කියනවා” – අනූෂ පැල්පිට

912

නෙලුම් කුලුණ විවෘත කරන අවස්ථාවේදී ජනාධිපති සිරිසේන විසින් සිදුකල “බිලියන දෙකක වංචාව” පිළිබඳ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කල ප්‍රකාශයක් බව රාජපක්ෂ රජය සමයේ විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපතිවරයා වශයෙන් ක්‍රියාකල අනූෂ පැල්පිට මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ එම සටහන පහතින්.

“නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.. නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.”

Image may contain: 2 people, people sitting, table and indoor

අනූෂ පැල්පිට මහතා 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවධ්‍ය ලෙස පරිහරණය කරමින් සිල් රෙදි බෙදාදුන් බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ දෙදෙනාගෙන් එක් අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here