Home Hit නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමට ඇප

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමට ඇප

246

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගත කළ 06 දෙනා රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු සැකකරුවන් හය දෙනා අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු සැකකරුවන් හයදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය මස 19 වනදා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කරනු ලැබු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළ හය දෙනාට එල්ලවී ඇත් වෝදනා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here