Home World සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරුට

සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරුට

296

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවකි.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට තිබෙනවා.

ඉන් 24 දෙනෙකු මේ වනවිටත් මුදාගෙන ඇති අතර, සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් දියත් කරන බවයි ඉන්දිය වාර්තා සඳහන් කරන්නේ.

සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් යානා 02ක්ද යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

අනතුරින් විපතට පත් පිරිසට ශෝකය ප්‍රකාශ කරමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here