Home Hit දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි !

දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි !

408

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.

නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදීයාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස්වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here