Home Hit අද සිට තද වැසි

අද සිට තද වැසි

272

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේදී මිලිමීටර් 100ක් තරම් වූ තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.

සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලිකව සුළඟේ වේගය ඉහළ යා හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ඔහු පවසා සිටියා.

එසේම මෙම සතිය පුරා දැනට පවතින වර්ෂා තත්ත්වය අඩුවෙමින් හා ඉහළ යමින් පැවැතිය හැකි බවද ඔහු සඳහන් කළා.

දකුණු සහ බස්නාහිර මුහුදු ප්‍රදේශවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here