Home Hit අගමැති අද ජනපති කොමිසම හමුවට

අගමැති අද ජනපති කොමිසම හමුවට

472

වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙනී සිටීමට නියමිතයි.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නොමැති අතර ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමටයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අද උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇතැයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ කරන්දෙණිය සුබසාධක සංගමයේ සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here