Home Hit ඩ්‍රෝන ප්‍රහාර වලින් සෞදියේ ඉන්ධන කම්හල් 02ක් ගිනිගනියි

ඩ්‍රෝන ප්‍රහාර වලින් සෞදියේ ඉන්ධන කම්හල් 02ක් ගිනිගනියි

345

සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා 02කට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගිනිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි බලධාරීන් පවසන්නේ ස්ථාන 02හිම ගිනිගැනීම් මේ වනවිට පාලනය කර ඇති බවයි.

ගිනිදැල් සහ දැවැන්ත දුම් රොටු අහසට විහිදෙනු දක්නට ලැබුණු බව සිද්ධිය දුටුවන් පවසනවා.

යේමනයේ හවුති සටන්කරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි සැකකරන නමුත් මේ සම්බන්ධව සෞදි මාධ්‍ය කිසිවක් පවසා නැතැයි සඳහන්.

ඉරානය හවුති සටන්කරුවන්ට ආධාර සපයනවා.

කෙසේ වුවද ඉරානය මෙම චෝදනා ප්‍රත්ක්ෂේප කර ඇති බවයි විදෙස් මාධය වැඩිදුරටත් පවසන්නේ.

සෞදි අරාබියේ නැගෙනහිර දහරාන් නගරයට කිලෝමීටර් 37ක් නිරිත දිගින් පිහිටි ඇබ්ක්වේක් නගරයේ ලෝකයේ විශාලතම තෙල් පිරිපහදු කම්හල පිහිටා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here