Home Hit ඇමති සජිත් හා සුළු පක්ෂ නායකයින් අතර හමුවක් අද රාත්‍රියේ

ඇමති සජිත් හා සුළු පක්ෂ නායකයින් අතර හමුවක් අද රාත්‍රියේ

290

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රගතිශිලි මහජන පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ, අද රාත්‍රි 8.00න් පසු මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර පසුගිය අඟහරුවාදා සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා එකඟාතාවයකින් තොරව අවසන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here