Home Hit මගේ අමාත්‍යංශයේ ව්‍යාපෘතිවලට ජාති බේදයක් නෑ – චම්පික රණවක

මගේ අමාත්‍යංශයේ ව්‍යාපෘතිවලට ජාති බේදයක් නෑ – චම්පික රණවක

733

විදුලිබල ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම නාගරික සංවර්ධන ක්‍ෂෙත‍්‍රයේ ද ජාති බේදයකින් තොරව සැමට සේවය ඉටුකළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, මහානගර අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනේ ප‍්‍රතිපාදන මඟින්, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධික්ෂණය යටතේ රුපියල් මිලියන 65 ක වියදමින් ඉදිකළ මඩකලපුව පුද්ගලික බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“2009 යුධ ගැටුම් අවසන් වූ වහාම විදුලි බල ඇමතිවරයා හැටියට මම මඩකලපු දිස්ත‍්‍රික්කයට ආවා. ත‍්‍රිකුණාමලයේ විශාල විදුලි බල මධ්‍යස්ථානයක් හැදුවා. වාලච්චේනයේ, මඩකලපුවේ විදුලි බල මධ්‍යස්ථාන ඇති කළා.

මඩකලපු දිස්ත‍්‍රික්කයේ සෑම ගමක් වෙතම විදුලි ගෙන ගියා. එමගින් විශේෂයෙන්ම අපේ දූ දරුවන්ට විශාල ශක්තියක් ලබාදුන්නා. එම වකවානුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියළු රැකියා, වෙනස් වෙනත් දිස්ත‍්‍රිත්කවලට නෙමෙයි මේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෝ අයට විතරක් ලබාදුන්නා. ඒ ගැන ඔබට දැනගන්න පුළුවන් ඩී.ජී.එම්. ඔෆිස් එකට ගියහම.

උත්සව අවස්ථාවේදී දමිළ තරුණියක් ඉදිරිපත්කල නර්ථනය

අපි යාපනයට සියළු පහසුකම් සහිත බස්නැවතුම්පලක් ඉඳිකරමින් පවතිනවා. ඒ වගේම අපි බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්, නගර ශාලාවක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ නගරාධිපතිතුමාගේ ඉල්ලීමක් තිබෙනවා මඩකලපුවටත් සියළු පහසුකම් සහිත නගර ශාලාවක් ඉදිකර දෙන ලෙස. ඒ සඳහා අපේ නාගරික සංවර්ධන අධිකාරිය කැපවෙනවා. ඔබතුමාලත් ඔබලාගේ දේශපාලන අධිකාරිය මාර්ගයෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විශේෂයෙන් මුදල් ඇමතිතුමාට පණිවිඩය ලබාදෙන ලෙස.

අපේ පැරණි දෙමළ කියමනක සඳහන් වෙන දෙයක් අපගේ වැදගත් රාජ්‍ය නිලධාරියෙක් මම පේදුරුතුඩුවේ ගිය වෙලාවක මට පැවසුවා. එම කියමන මට දෙමලෙන් සඳහන් කරන්න මතක නැහැ.

මඩකලපුව නව පෞද්ගලික බස් නැවතුම්පොළ

සිංහලෙන් සඳහන් කරනවා නම්, මුහුදේ තිබෙන ලූනුයි, කන්දේ තිබෙන දෙහියි අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ලූනුයි දෙහියි එකතු උනහම ලූනු දෙහි නමැති රසවත් ආහාරය හැදෙනවා.

ඒ වගේම කන්දේ, මහනුවර ඉන්න සිංහලයොයි මඩකලපුවේ ඉන්න දෙමළ ජාතිකයොයි අතර ලොකු සංස්කෘතික සම්බන්ධයක් නොතිබ්බත් දෙගොල්ලෝ එකට එකතු උනාහම ශ‍්‍රී ලංකා මාතාව නමැති රසවත් ජාතිය ගොඩනගාගන්න පුළුවන් වෙයි. ඒ සඳහා අපි සියළු දෙනාම කැපවීමෙන් කටයුතු කරමු” යැයි සඳහන් කළේය.

ජාති බේදයකින් තොරව අපි සැමට සේවය ඉටුකළා.

විදුලිබල ක්‍ෂේත්‍රයේ මෙන්ම නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයේ ද ජාති බේදයකින් තොරව අපි සැමට සේවය ඉටුකළා.

Posted by Patali Champika Ranawaka on Thursday, September 12, 2019
අමාත්‍ය චම්පික රණවක මහතා සිදුකල කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here