Home Hit සබරගමුව මහ සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් බවට පත්වෙයි

සබරගමුව මහ සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් බවට පත්වෙයි

457

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප‍්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ‍්‍රයේ දී පැවැත්වුණා.

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්‍යතාවය ප‍්‍රදර්ශනය කරමින් අද අභිමානවත් අයුරින් පැවැත්වෙනු ඇති.

අද පස්වරුවේ එම පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර ඉන් අනතුරුව ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනුලබුවා.

ඉන් අනතුරුව ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත්කරමින් ඊට අදාළ ප‍්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසළ පෙරහර චිරාගත සම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් හා දැකුම්කළු සංස්කෘතික අංගයන්ගෙන් හෙබි උලෙළකි. ‍

සමන් දෙවිඳුන් මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට කලක් තිස්සේ ගොඩනැඟුණු සම්ප‍්‍රදායන් රැසක් එක්ව තිබෙන අතර එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උලෙළක් ලෙස මෙම පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුවරයාගේ මගපෙන්වීමෙන් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමට පියවර ගැනුණා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here