Home Hit ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ බිනර පොහොය අදයි

ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ බිනර පොහොය අදයි

456

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.

ලෝකවාසී බෞද්ධ ජනතාවට බිනර පොහොය වැදගත් වන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය අදවන් දිනක සිදුවීම හේතුවෙන්.

බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ආනන්ද තෙරණුවන්ගේ මැදිහත්වීමෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නේ ගරු ධර්ම 08ක් පිළිපැදීමේ පොරොන්දුව මතයි.

ගරු ධර්ම අට

1. උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්‍ෂූන් දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නොවැසිය යුතු ය.

3. අඩ මසක් පාසා, මෙහෙණක විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතු යි.

4. වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඬ මසක් මානත පිරිය යුතු යි.

6. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

7. කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතුයි.

8. මෙහෙණින් විසින් භික්‍ෂූන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

එමෙන්ම තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ හමුවී බුදුන්, දහම් සරණ ගියේ ද අද වැනි බිනර පුන් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

තපස්සු – භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුවීම නිසා ශ්‍රී ලාංකික බෝද්ධයින්ට බිනර පොහොය දිනය අතිශයින් වැදගත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here