Home Local කාර් රථයක පැති කණ්ණාඩි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

කාර් රථයක පැති කණ්ණාඩි සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

419

බොරැල්ල පොලිස් වසමේ වැලිකඩ බන්ධනාගාරය අසළ නවතා තිබු විසිල් වර්ගයේ කාර් රථයකින් පැති කණ්නාඩි ගලවා සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් CCTV කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද සවස 2.50ට පමණ එම ස්ථානයේ CCTV නිරීක්ෂණය කරමින් සිටි අවස්ථාවේ දී මෙම සොරකම දැක ඒ පිළිබඳ බොරැල්ල පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වු පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හෙට (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here