Home Hit කරුණානිධිගේ දියණිය ශ්‍රී ලංකාවේ සංචාරයක

කරුණානිධිගේ දියණිය ශ්‍රී ලංකාවේ සංචාරයක

327

තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ දියණිය වන කනිමොලි කරුණානිධි මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

ඇය ඊයේ (12) දිනයේදී ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි හමුවී සාකච්ඡා කර ඇත්තේ මෙරටදී අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් පිළිබඳවයි.

පෝක් සමුද්‍ර සන්ධියේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වන ඉන්දීය ධීවරයින් සිය ගණනක් වාර්ෂිකව නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලබන අතර, විටින් විට ඔවුන් මුදාහැරීම සිදුවනවා.

තමිල්නාඩු දේශපාලනඥයන් චෝදනා කරන්නේ ඔවුන් ජාත්‍යන්තර මුහුදේදී මෙරට නාවික හමුදාව වෙතින් ප්‍රහාරවලට ලක්වන බවයි.

කෙසේ නමුත්, ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමිල්නාඩු දේශපාලනඥවරිය ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

කනිමොලි කරුණානිධි දිවයිනට පැමිණ ඇත්තේ අමාත්‍ය රවුෆ් හකීම්ගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහායී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here