Home Local කංජිපානි ඉම්රාන්ගේ පියා, සහෝදරයා ඇතුළු 06 දෙනා රිමාන්ඩ්

කංජිපානි ඉම්රාන්ගේ පියා, සහෝදරයා ඇතුළු 06 දෙනා රිමාන්ඩ්

428

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන 02ක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (13) නියෝග කළා.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියා සහෝදරයා ඇතුළු 06 දෙනෙකි.

ඊයේ (12) පවත්වන ලද සිරකරු සුබ සාධක දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි කංජිපානිගේ පියා, සහෝදරයා සහ ඇතුළු සැකකාර ඥාතීන් සිව්දෙනා රැගෙන ආ ආහාර බඳුනේ පතුලේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක්, සිම්පත් දෙකක් සහ චාජර බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබිණි.

කංජිපානි ඉම්රාන් ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම වී සිටින්නෙකි.

රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත සමග සැරයන් දේවසිංහ (17205) විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here