Home Tech සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ජලය ඇති ග්‍රහලෝකයක් සොයා ගනියි

සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ජලය ඇති ග්‍රහලෝකයක් සොයා ගනියි

637

සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පවතින ග්‍රහලෝකයක වායුගෝලයේ ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින් මෙම නිගමනයට එළඹී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

තාරකාවක් වටා කක්ෂ ගතවී ඇති K2-18b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන බව විද්‍යාඥයින් පවසනවා.

විශාලත්වයෙන් පෘථිවිය හා නෙප්චූන් ග්‍රහලෝකවල විශාලත්වය අතර පවතින සුපිරි පෘථිවි සිය ගණනක් අතරින් එක් ග්‍රහලෝකයක් ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා.

මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ජීවය පැවතිය හැකි බවට සාක්ෂියක් බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here