Home Hit සහරාන් සමග පුහුණු වූ 64ක් රිමාන්ඩ්

සහරාන් සමග පුහුණු වූ 64ක් රිමාන්ඩ්

529

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධත පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබේ.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය ප්‍ර‘දේශයේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකකරන කාත්තාන්කුඩිහි පදිංචිකරුවෝ පිරිසකි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සිදුකරන ලද විමර්ශන මත අදාළ පුද්ගලයන් මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මඩකලපුව ජවුෆර් ඛාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here