Home Hit විද්‍යාපීඨ සඳහා එකම දිනකදී 8000ක් බඳවා ගනියි

විද්‍යාපීඨ සඳහා එකම දිනකදී 8000ක් බඳවා ගනියි

509

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අධ්‍යයන වර්ෂ 02ක් සඳහා ශික්ෂණලාභීන් ලෙස 8,000ක් එක් දිනක දී ඇතුළත් කරගැනීම මෙම මස 25 වනදා සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මෙම මස 20 වෙනිදාට පෙර ඒ සම්බන්ධයෙන් තැපැල් මගින් දැනුවත් කිරීමට ද නියමිතයි.

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් 02ක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම බඳවාගැනීම සිදුකරනු ඇත.

ඒ අනුව 2016 උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්නේ 2018/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන අතර 2017 උසස් පෙළ ප්‍රතිඵල අනුව බඳවා ගනු ලබන්නේ 2019/2021 අධ්‍යයන වර්ෂය සඳහා කණ්ඩායමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here