Home Hit වැසි තත්වයේ වැඩිවීමක්

වැසි තත්වයේ වැඩිවීමක්

303

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 – 150ක තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ.

සෙසු පලාත්වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here