Home Local යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තුළදි අයෙක් ⁣බ්⁣ලේඩ් තලයකින් ගෙල සිඳ ගනි

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තුළදි අයෙක් ⁣බ්⁣ලේඩ් තලයකින් ගෙල සිඳ ගනි

309

වවුනියාව – මාධව කුලසූරිය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් ඉදිරිපත් කළ සැකකරුවෙකු අධිකරණය තුළදි අද(12) දහවල් බිලේඩයක් මගින් ගෙල කපාගෙන තුවාල සිදුකොටගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එලෙස අධිකරණයට ඉදිරිපත් කිරී‍මේදී ගෙල කපාගෙන ඇති බවයි.

හෙරොයින් ග්රැම් 2 යි මිලිග්රැම් 400 ක් ළඟ තබා‍ ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන යාපනය පොලිසිය හරහා අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු එලෙස තුවාල සිදුකොට ඇත.

සැකකරුගේ හිතවාදීන් පැවසූවේ සැකකරු හෙරොයින් ළඟ තබාගැනීමේ වරදට අධිකරණයට මීට  පෙර  අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කොට ඇති අවස්ථාවේදී,නඩු වාරය කල් තැබීම සිදුකොට ඇති බැවින් සැකකරු එලෙස ගෙල කපාගෙන ඇති බවයි.

සැකකරු සුළු තුවාල ලබා ඇති බව යාපනය ආරක්ෂක අංශ පැවසු අතර, සැකකරුගේ ක්‍රියාව බන්ධනාගාර නිළධාරීන් දැක කඩිනමින් වළක්වාගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය හා යාපනය බන්ධනාගාර නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here