Home Hit මැක්බුක් අඟල් 15ට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තහනමක්

මැක්බුක් අඟල් 15ට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් තහනමක්

353

ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රරෝ ලැප්ටොප් පරිගණක ශ්‍රී ලන්කන් ගුවන් යානාවල රැගෙන යාම තහනම් කර තිබෙනවා.

ඒ අනුව ගුවන් මගියා තමන් සන්තකයේ තබාගන්නා ගමන් මල්ලේ හෝ අනෙක් ගමන් මළු තුළ මෙම පරිගණකය රැගෙන යාම තහනම්.

මෙම පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගුවන් සමාගම් කිහිපයක්ම මෙම පරිගණකය තම ගුවන් යානා තුළ රැගෙන යාම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඇපල් සමාගමේ අඟල් 15 මැක්බුක් ප්‍රරෝ පරිගණක වල මෙසේ ගැටලුවට ලක්ව ඇති ඒකක ප්‍රධාන වශයෙන්ම අලෙවි කර ඇත්තේ 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here