Home Local නාන්න එන පිරිස් බෝවතැන්න ජලාශය අවට කැළිකසල ගොඩ ගසයි.

නාන්න එන පිරිස් බෝවතැන්න ජලාශය අවට කැළිකසල ගොඩ ගසයි.

226

මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග දිය
නෑමට ඇතුළු අනෙකුත් කටයුතු සඳහා බෝවතැන්න ජලාශයට පැමිෙණන
පිරිස් විසින් අපද්‍රව්‍ය ජලාශය ආසන්නයට මුදා හරින බවට ‌ප්‍රදේශවාසීන්
මැසිවිලි නගනවා.

කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් මේ වන විටත් පාරිසරික ගැටලු රැසක්
මතුව ඇති බව ඔවුන් සඳහන් කර තිබුනා.

දිය නෑමට අමතරව බොහෝ පිරිස් තමන්ගේ රථවාහන
බෝවතැන්න ජලාශයට දමා සේදීම නිසා ඉන්ධන ජලාශයට මුසු වන බව ද
ප්‍රදේශවාසීන් කියා සිටිනවා.

දිය නෑමට පැමිණෙන බොහෝ පිරිස් ඉවත ලන අපද්‍රව්‍ය ජලාශය අවට මේ
වන විට ගොඩගැසී ඇති අයුරු දැකගන්න පුලුවන්.

ඊට අමතරව විවිධ පුද්ගලයින් විසින් මත්පැන් පානය කොට ඉවත දමන
ලද හිස් බා්තල් ද ජලාශය අවට දක්නට ලැ‌බෙන බවයි ප්‍රදේශවාසීන්
පවසන්‌නේ

බෝවතැන්න ජලාශයට දියවර නිකුත් කෙරෙන මොරගහකන්ද
ජලාශය දක්වා මෙම කැළි කසළ පැතිර යන බව පසුගිය දා පරිසර
සංවිධාන රැසක් සඳහන් කර තිබුනා.

අවිධිමත් කැලිකසල බැහැර කිරීම නිසා බෝවතැන්න
ජලාශය ආශ්‍රිතව ජීවත් වන ජලජ ජීවීන්ට ද එදිනෙදා අවශ්‍යතාවන්ට
ජලය ලබා ගන්නා ගම්වාසීන්ට ද ගැටලු රැසක් පැනනැගී ඇති බව
ගම්වැසියන් සඳහන් කරනවා

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද
පරිසර සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here