Home Local අවමගුලට සල්ලි නැතැයි කියා පු‌‌තෙක් මවගේ මළ සිරුර කැළයට විසි කරයි.

අවමගුලට සල්ලි නැතැයි කියා පු‌‌තෙක් මවගේ මළ සිරුර කැළයට විසි කරයි.

435

මවගේ අවමංගල කටයුතු සිදුකිරීමට මුදල් නොමැති බව කියමින් පු‌තෙකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලයට විසි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.

වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 29 වැනිදා රාත්‍රි රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කර තිබුු‌ෙුුුණේ.

අවමංගල කටයුතු සිදුකිරිමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රථයකට පටවා ගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක වන ආර්. විග්වා ගෞරවී නැමැත්තිය පොලිසියට පවසා තිබෙනවා.

මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැකකරන බවටත් වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේ යැයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන්ට එක්වී විග්ටන් වතුයායේ සෝදිසි මෙහෙයුමක් ‌මේ වනවිට ආරම්භ කර ඇත.

-රංජිත් රාජපක්ෂ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here