Home Local අධික වර්ෂාවෙන් ගාල්ල යටවෙයි – PHOTOS

අධික වර්ෂාවෙන් ගාල්ල යටවෙයි – PHOTOS

354

ඊයේ (11) රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ගාල්ල නගරයේ සහ ඒ අවට මාර්ග සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව පිඩාවට පත්ව තිබෙනවා.

මොරගොඩ ඇල පිටාර ගැලිම නිසා දංගෙදර, සමගිවන්තගම, මිලිද්දුව ආදි ගම්මාන රැසක් ජලයෙන් යටවි තිබෙන අතර පෙට්ටිගලවත්ත ඇල පිටාර ගැලිමෙන් තලාපිටිය, පෙට්ටිගලවත්ත, අබ්දුල් වහාබ් මාවත ආදි ප්‍රදේශද ජලයෙන් යටවි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය ඉදිරිපිට වක්වැල්ල මාර්ගයද බස් නැවතුම්පොල ඉදිරිපිට ගාමිණි මාවත ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවි ගමනාගමනයට දැඩි බාධා පැමිණ තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here