Home Hit අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි

අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි

300

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අද (12) දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේදී සිදු වු අක්‍රමිකතාවකට අදාලව ප්‍රකාශයක් ලබාගැනිම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කර තිබුණේ.

කෙසේ වෙතත් මන්නාරම ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගීවිමට සිදුවන බැවින් කොමිසම හමුවේ පෙනී සිටිමට නොහැකි බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් දැනුම්දී ඇති බව සඳහන්.

ඒ අනුව ලබන 16 වනදා පෙරවරු 09.30ට අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභාව සදහා පවරා ගැනිමට අග්‍රාමාත්‍යවර රනිල් වික්‍රමසිංහ විසින් 2015 වසරේ සැප්තැම්බර් මස 21 වනදා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත් බව අදාල සිද්ධිය පිළිබඳව සාක්ෂි ලබාදුන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු පාර්ශව විසින් කොමිසම හමුවේ සදහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here