Home Local සංචාරක වීසා මත පැමිණ වෙළඳම් කරමින් සිටි ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට

සංචාරක වීසා මත පැමිණ වෙළඳම් කරමින් සිටි ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට

301

සංචාරක වීසා වලින් මෙරටට පැමිණි ඉන්දිය ජාතිකයන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය ලංකා පටුන ප්‍රදේශයේදි රෙදිපිළි අලවි කරමින් සිටියදි අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් රෙදිපිලි තොගය සමග සේරුනුවර පොලිසියට භාරදී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා මේ මස 23 වනදා දක්වා මෙරට රැදිසිටිමට සංචාරක වීසා ලබාගෙන ඇති අතර ඔවුන් ලංකා පටුන ප්‍රදේශයේ රෙදිපිළි වෙලදාමේ යෙදි ඇතැයි සේරුනුවර පොලිසිය පවසනවා.

සංචාරක වීසා කෝන්දේසි කඩකරමින් කටයුතු කිරිමට එරෙහිව සේරුනුවර පොලිස්ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්.ආනන්ද උදය පුෂ්ප හේරත් ඇතුලු නිලධාරින් විසින් සැකකරුවන් රෙදිපිලි සමග මුතුර් මෙහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර පොලිස් භාරයට ගෙන ආගමන විගමන කොන්දේසි යටතේ නඩු පැවරිමට පොලිසිය කටයුතු කරගෙන යනු ලබනවා.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here