Home Hit සහරාන්ගේ බිරිඳගෙන් තෙවැනි වරටත් රහස් ප්‍රකාශයක්

සහරාන්ගේ බිරිඳගෙන් තෙවැනි වරටත් රහස් ප්‍රකාශයක්

455

පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිදුකළ බෝම්බ ප‍්‍රහාර සැලසුමේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඞ් සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳ ඊයේ (04) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේදී පැය 02ක රහස් ප‍්‍රකාශයක් සිදුකළා.

මීට පෙර දින 02කදීම එම සැකකාරිය මහෙස්ත‍්‍රාත්වරයා හමුවේදී රහස් ප‍්‍රකාශ ලබා දී තිබෙනවා.

එම නඩුව ලබන 25 වනදා දක්වා කල් තැබීමටයි කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කළේ.

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා සිටින අබ්දුල් කාදර් පාතිමා කාදල් නමැති එම සැකකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here