Home Politics පොහොට්ටුවට 60%ක් විරුද්ධයි

පොහොට්ටුවට 60%ක් විරුද්ධයි

470

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නැවත බලයට පත් කර ගැනීමට ජනතාවට වුවමනාවක් නොමැති බවත් ඉකුත් පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද  ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය

ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂය එකමුතුව විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ නම් සටනක් ලබාදීම අපහසු නැතැයි සඳහන්කළ අමාත්‍යවරයා සෑමදෙනාම එකඟ කරගනිමින් ඉදිරියට යෑමට කටයුතු කනර බවත් පැවැසීය.

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයන් ගේ සේවය අගය කිරීම සඳහා ඊයේ (03දා)පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා   මෙම කරුණු සඳහන් කළේ ය.

විවිධාකාර ප්‍රශ්න රාශියකට මුහුණ දෙම්න්  වසර හතරක කෙටි කාලයක දී  සංවර්ධනය උදෙසා මෙතරම් විශාල වැඩ කොටසක් ඉටු කරන ලද වෙනත් ආණ්ඩුවක් මේ රටේ මීට පෙර  බිහි නොවූ බවද අමාත්‍යවරයා පැවැසීය.

 ඉදිරියට යා නොහැකි තරම් ආර්ථික ප්‍රශ්න වලින් බිත්තියට හේත්තු වීම නිසා පසුගිය රජය නියමිත කාලයට  දෙවසරකට පෙර  විසුරුවා හැරි බවත්  2015සී අග්‍රාමාත්‍ය පදවිය බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රශ්න වලට මුහුණ දෙමින් විශාල වැඩ කොටසක් සිදුකළ බවද පැවැසීය.

රාජ්‍ය බලය දින 51 ක කාලයකට ගිලිහි ගියත් නැවත බලයට පත් වත්මන් ආණ්ඩුව ගත වු මාස හයක පමණ කාලය තුළ ඉතිහාසයේ කවර දිනක හෝ නොවු  විරු වැඩ කොටසක් ඉටුකළ බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here