Home Hit 10 වනදායින් පසු ජනපතිවරණය ගැන තීරණ ගැනීමේ බලය මැකොට

10 වනදායින් පසු ජනපතිවරණය ගැන තීරණ ගැනීමේ බලය මැකොට

349

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම මස 10 වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව ලබන 10 වනදායින් පසුව ඕනෑම වෙලාවක ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති 02ක් ඇතුළත නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදුකළ යුතු අතර එතැන් සිට සති 05ත් 07ත් අතර දිනකදී ඡන්දය විමසීම සිදුකළ යුතුය.

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස අවසන් සති 02 තුළ එළඹෙන සෙනසුරාදා දිනයක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ද මේ මස අවසන් සතියෙදී සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කළහොත් එය ඉටු කිරීමට කොමිසට සිදුවන බව පැවසූ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තවම කොමිසමට ලැබී නොමැති නිසා එය ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here