Home Local කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය පීඨයට

කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය පීඨයට

453

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව තිබේ.

මහාචාර්යවරයා අද පෙරවරුවේදී අභාවප්‍රාප්ත විය. ඒ අනුව අද පස්වරුවේම රාගම වෛද්‍ය පීඨය වෙත ඔහුගේ දේහය භාරදීමට නියමිතය.

1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් තම විශ්වවිද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙනි.

ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක 04කට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් ෆොන්සේකා මහතා ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි.

මියයන විට ඔහු ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරය දරමින් සිටි අතර ඔහු වාමාංශික දේශපාලනයේ නියැලි සිටි කීර්තිමත් විද්වතෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here