Home Hit ”ඇතැම් තීන්දු හමුවේ පක්ෂයේ බෙදීම් ඇති වුණා” – නිමල් සිරිපාල ද සිල්වා

”ඇතැම් තීන්දු හමුවේ පක්ෂයේ බෙදීම් ඇති වුණා” – නිමල් සිරිපාල ද සිල්වා

362

පක්ෂයක් ලෙස පසුගිය සමයේ ගත් ඇතැම් තීන්දු තීරණ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති වු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රජුන් බිහිකරන පක්ෂය බවට නිදහස් පක්ෂය පත්ව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”පහුගිය මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇති වුණා. ඒක අපි පිළිගන්නවා. නිදහස් පක්ෂේ අපි ගත්ත සමහර දේශපාලන තීන්දු මත ඒවායේ ගුණාත්මක තැන් අපි සාකච්ජා කළ පරිදි, සමහරතැන් වලදී වරදින්නට ඇති එජාපය සමඟ හවුල් ආණ්ඩුවක් කරන්න ගිය එක. ඒවා අපි ස්වයං විවේචනය කරන්න ඕන. ස්වයං විවේචනය කරලා අපි ඉදිරි අනාගතය හදාගන්න ඕන. අපිට රජ කරන්න බැරි වුණාට, රජුන් හදන පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරන්න ඕන. අපේ ශක්තිය නැතුව රජුන් හදන්න කොයි පක්ෂයටවත් බෑ” යනුවෙන් සඳහන් කර සිටියා.

එමෙන්ම හෙට (03) පැවැත්වීමට නියමිත නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනමය වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here