Home Hit වැඩි කළ 2500 දීමනාව මන්ත්‍රී කාර්ය මණ්ඩලයට නෑ

වැඩි කළ 2500 දීමනාව මන්ත්‍රී කාර්ය මණ්ඩලයට නෑ

314

රජයේ සේවකයන් සඳහා ආණ්ඩුව ලබා දුන් රුපියල් 2500ක වැටුප් වැඩිකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට මෙතෙක් දී ලබා දී නොමැති බව වාර්තා වනවා.

පසුගිය ජූලි 01 වනදා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2500ක දීමනාවක් දීමට තීරණය කෙරුණේ පසුගිය අයවැයෙන් කළ යෝජනාවක් අනුවයි.

රජයේ සේවකයන් සියලු දෙනාට මෙම දීමනාව පසුගිය ජූලි 01 වනදා සිට ලබාදී ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයට එය ලබා දී නැත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසුමකදී සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම දීමනාව දීමට අනුමත කර නොමැති බවයි.

මේ සම්බන්ධව විමසීම් ගණනාවක් කර ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් අමාත්‍යාංශය දක්වා නැතැයි ද අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 05 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව නිලධාරීන් 1225කට ආසන්න පිරිසකට මෙම දීමනාව මෙතෙක් ලැබී නොමැති අතර මීට පෙර රජයේ සේවකයන්ට දුන් සියලු දීමනා මෙම අයට ද දී ඇතත් මෙතෙක් නව දීමනාව ලබානොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල නිලධාරීන් දැඩි කනස්සල්ල පළ කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here