Home Hit ”ජනපති සමඟ සාකච්ඡා සුබවාදීව අවසන් වුණා” – විපක්ෂ නායක

”ජනපති සමඟ සාකච්ඡා සුබවාදීව අවසන් වුණා” – විපක්ෂ නායක

302

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සමග තමා මෙතෙක් පැවැත්වූ සාකච්ජා ඉතා සුබවාදීව අවසන්වූ බැවින් ඉදිරි සාකච්ජා සම්බන්ධව ද අවිශ්වාසයක් ඇතිකරගත යුතු නැතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසනවා.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි බහුතර ජනතා කැමැත්ත ඇති බවත් එය වඩාත් ශක්තිමත් කරගෙන අනෙකුත් පක්‍ෂ ද සමග මහා ජන පවුරක් ගොඩනඟා ඉදිරි මැතිවරණ සියල්ල විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කරන බවයි විපක්‍ෂ නායකවරයා සඳහන් කරන්නේ.

වත්මන් ආණ්ඩුව ජනතාව තලාපෙළා දමා ඇති බැවින් තම ආණ්ඩුවක් බලයට පත්වූ සැණින් සිදුකරන්නේ ජනතා අපේක්‍ෂාවන් ඉටුකිරීම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here