Home Hit ජනපති මෛත්‍රී සම්මාන උපාධියකින් පිදුම් ලබයි

ජනපති මෛත්‍රී සම්මාන උපාධියකින් පිදුම් ලබයි

300

ජනපති මෛත්‍රීපාල සිරිසේන ”විබුධ ජන ප‍්‍රසාදක සම්මාන” උපාධියෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ ඊයේ (29) කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැති ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප‍්‍රාචීන පණ්ඩිත උපාධි ප‍්‍රදානෝත්සවයේදීයි.

මෙම උත්සවය ඇමතූ ජනපතිවරයා සඳහන් කළේ, ලාංකිකයන් ඉතාමත් ප‍්‍රාචීන දහමකට උරුමකම් කියන බවයි.

අවුරුදු 2000කට වැඩි කාලයක් එකම ජනවර්ගයක් එකම භාෂා කුලකයක් ව්‍යවහාර කරන පිරිස සිංහලයන් බැවින්, තවත් දීර්ඝ කාලයක් ඒවා රැකගැනීමේ වගකීම මතු පරපුරට පැවරෙන බවයි.

ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2012 වර්ෂයේ සිට 2017 දක්වා පවත්වන ලද ප‍්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් 300ක පමණ පිරිසක් සඳහා ප‍්‍රාචීන පණ්ඩිත උපාධි පිරිනැමීම මෙහිදී සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here