Home Hit සිවරූබන්ට අමතරව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

සිවරූබන්ට අමතරව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

555

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ  වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මීට පෙර සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ දිනයේදී තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනයට පිටත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here