Home Local කැන්ටබරියේ අගරදගුරු හිමියන් අද මෙරටට පැමිණෙයි

කැන්ටබරියේ අගරදගුරු හිමියන් අද මෙරටට පැමිණෙයි

321

කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් අද (29) මෙරටට සැපත් වීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු 31 වනදා දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති අතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මුණ ගැසෙනු ඇති.

මෙරට ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම මේ සංචාරයේ අරමුණ වන අතර, පාස්කු දින ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානයට ගොස් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයන් හමුවීමට ද නියමිතයි.

ජස්ටින් වෙල්බි හිමිපාණන්ගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ලංකා සභාවේ ප්‍රදේශීය ලේකම් අරූන් ගමලත්ගේ ප්‍රකාශ කළේ කැන්ටබරියේ අගරදගුරුතුමන්ගේ සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here