Home Hit ෆිදෙල් කැස්ත්‍රෝගේ කිඹුලෙක් මිනිසෙක් සපාකයි

ෆිදෙල් කැස්ත්‍රෝගේ කිඹුලෙක් මිනිසෙක් සපාකයි

323

කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට අයත් කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

70 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා අඟහරුවාදා ස්ටොක්හෝම් හි ස්කැන්සන් මින්මැදුරේ සාදයකට සහභාගී වී සිටියේදී මෙම අනතුරට මුහුණ පා ඇත

පොලිසිය පවසන පරිදි, ඔහු සපාකෑමේදී ඔහු ආරක්ෂක වීදුරුවේ වැරදි පැත්තේ අත තබාගෙන ඇත.

මෙම සත්වයා මින්මැදුරේ කියුබානු කිඹුලන් දෙදෙනෙකුගෙන් කෙනෙකි. මොවුන් දෙදෙනාම 1970 දශකයේ දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් රුසියානු අභ්‍යවකාශගාමී ව්ලැඩිමීර් ෂටාලොව්ට තෑගි කරන ලද්දකි .

මින්මැදුරේ ප්‍රධානී කියා සිටියේ මෙවැනි සිදුවීමක් නැවත සිදු නොවීමට වග බලා ගන්නා බවයි.

“මීට පෙර මේ කිඹුලන් සමඟ මෙවැනි දෙයක් සිදු වී නැහැ. අපි අවුරුදු 40 කට වැඩි කාලයක් තිස්සේ ඔවුන් තබා තිබෙනවා.”

පොලිස් පාලක මැදිරියේ නිලධාරි මයිකල් පීටර්සන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට ඔහු දැඩි ලෙස වෙළුම් පටි මගින් බැඳ තිබු බවයි.

කැස්ත්‍රෝ සහ හිලරි යන කිඹුලන් දෙදෙනා ෆිදෙල් කැස්ත්‍රෝ විසින් 1978 දී රුසියානු අභ්‍යවකාශගාමියෙකු වූ ව්ලැඩිමීර් ෂටාලොව්ට ලබා දෙන ලදී.

සතුන් රැකබලා ගැනීමට වඩා හොඳ පහසුකම් ඇති බැවින් 1981 දී ඔවුන් ස්ටොක්හෝම් හි මින්මැදුරට තෑගි කරන ලදී.

බීබීසී පුවත් ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here