Home Hit ”එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් පොහොට්ටුවේ ජයග‍්‍රහණය ස්ථිරයි” – විපක්ෂ නායක

”එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් පොහොට්ටුවේ ජයග‍්‍රහණය ස්ථිරයි” – විපක්ෂ නායක

314

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.

විපක්ෂ නායකවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයටත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයටත් නම් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට ඊයේ පැමිණියේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවකටයි.

සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.

ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එජාපයෙන් කවුරු ඉදිරිපත් කළ ද මේ ගැටුම තව තවත් උග‍්‍රවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය ඇතුලූ සියලූ දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීම සදහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නා.

සිය අමෙරිකන් පුරවැසිභාවය ඉකුත් අපි‍්‍රයෙල් මස 17 වනදා ඉවත් කර ගත් බවත් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ බවත් මේ අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටියා.

ද්විත්ව පුරවැසියෙක් ලෙස සදහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් බව සදහන් නව ගමන් බලපත‍්‍රයක් මේ වන විට තමන්ට නිකුත් කොට ඇතැයි ද ඔහු සදහන් කර සිටියා.

සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාර දිගින් දිගටම අසන්නට ලැබෙන බවත් අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප‍්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමේ කිසිදු බාධාවක් තමන්ට නැතැයිද එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග‍්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here