Home Hit නව වැඩපිළිවෙලක් සමඟ එන UNP අපේක්ෂකයට අපි සහාය දෙනවා – පාඨලී

නව වැඩපිළිවෙලක් සමඟ එන UNP අපේක්ෂකයට අපි සහාය දෙනවා – පාඨලී

425

නව වැඩපිළිවෙලක් සහිතව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු සදහා සිය සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමය පක්ෂයේ මහලේකම්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලා. ඒ අද(22) උදෑසන කොළඹ පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමය පක්ෂයේ මාධ්‍ය සාකච්ජාවකදියි.

අලුත් කණ්ඩායමක්, අලුත් වැඩපිළිවෙලක් සහ අලුත් බලාපොරොත්තුවක් සහිත අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම හරහා රාජපක්ෂවරුන්ගේ පවුල්වාදී දේශපාලනයත්, ගජමිතුරු දේශපාලනයත් එකවර පරාජයට පත්කල යුතු බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී නව සංධානය බිහිකිරීමට අදාළව පැවති සාකච්ජාවේදී නව සංධානයේ නම, සළකුණ, ලිපිනය සහ මහලේකම්වරයා කවරෙක්ද යන්න සම්බන්ධයෙන් සියලූම නෛතික කාරණා සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන් අතර වහාම මෙම සංධානය බිහිකිරීමට ක්‍රියාකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රමුඛ එම පක්ෂයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ජාතික හෙළ උරුමය පක්ෂයේ විශේෂ මාධ්‍ය සාකච්ජාව

Posted by Patali Champika Ranawaka on Wednesday, August 21, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here