Home Local වැලිකඩ ජේලර් ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට

වැලිකඩ ජේලර් ඝාතනයට සැකපිට අයෙක් අත්අඩංගුවට

366

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අම්බලන්ගොඩ දී පසුගිය 13 වනදා හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දෙදෙනා අතරින් එක් අයෙකු ජේලර්වරයාගේ ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාවට ද සැකකරුවෙක් වන බවයි වාර්තා වන්නේ.

අවුරුදු 27ක් වන මංජුල රංග කුමාර යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබී T – 56 ගිනි අවි සඳහා යොදන පතරොම් 63ක් හා විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 15ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද (20) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here