Home Local රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

294

නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

නවකවදයට ලක්වූ සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් මීළඟ නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අමානුෂික නවක වදයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම සිසුන් 19 දෙනා පසුගිය 06 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here