Home Local අරුවක්කාළුවට කුණු ගෙන ගිය ටිපර් රථ වලට ප්‍රහාරයක් – තිදෙනෙක් අත්අඩංගුවට

අරුවක්කාළුවට කුණු ගෙන ගිය ටිපර් රථ වලට ප්‍රහාරයක් – තිදෙනෙක් අත්අඩංගුවට

267

කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිබර් රථ වලට පහර දුන් බවට සැකපිට තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) අළුයම 1.00ට පමණ පුත්තලම – මන්නාරම මාර්ගයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ටිපර් රථ 03ක් ගල් මුල් ප්‍රහාරයට ලක්වී ඇතැයි ද එම රථවල වම් පස දොරටු වලට සුළු හානි සිදුවී ඇති බව ද වාර්තා වනවා.

සිද්ධියත් සමගම ක්‍රියාත්මක වී ඇති පොලීසිය සැකකරුවන් තිදෙනෙකුව අත්අඩංගුව ගැනීමට කටයුතු කර ඇතැයි සඳහන්.

කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල රැගෙන යන ටිපර් රථ වලට මීට පෙර අවස්ථා කීපයකදීම ජනතා විරෝධය එල්ල වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here