Home Local යුධ හමුදාපති නල්ලූර් කෝවිලේ සංචාරයක – PHOTOS

යුධ හමුදාපති නල්ලූර් කෝවිලේ සංචාරයක – PHOTOS

276

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජාව වෙනුවෙන් පැවැත්වු විශේෂ ආගමික වතාවත් වෙනුවෙන් ඊයේ (14) යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා උත්සවය පසුගිය 06 වැනිදා ආරම්භ කළ අතර, එළැඹෙන 30 වැනිදා දිය කැපීමේ උත්සවයෙන් අනතුරුව වාර්ෂික මංගල්ලයේ කටයුතු නිමා කිරීමට නියමිතයි.

නල්ලූර් කෝවිලේ පාලක සභාව පැවසූවේ මෙවර අති විශාල ජනතාවක් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවනු ඇති බවට විශ්වාස කරන බවයි.

උතුරු නැගෙනහිර හින්දු ජනතාව ‍මෙන්ව විදේශගතව සිටින ජනතාව විශාල පිරිසක් සෑම වර්ෂයකම නල්ලූර් පුජා සමයේදී කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගි වනු ඇති.

නල්ලූර් කෝවිලේ මංගල්ලය සමය වෙනුවෙන් යොදා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් විමසා බැලීම වෙනුවෙන් හා පුජා කටයුතු වෙනුවෙන් යුධ හමුදාපතිවරයා කෝවිලේ සංචාරයක නිරත වුණා.

නල්ලූර් කෝවිලේ සිරිත් අනුගමනය කරමින් යුධ හමුදාපතිවරයා ඇතුළු පිරිස උඩුකය නිරාවරණය කරගෙන කෝවිලේ උත්සව වෙනුවෙන් සහභාගි වි සිටි අතර වැඩසටහන් අවස්ථාවන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් පිරිසක් එක්වුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here