Home Hit ”ජනපතිගේ තීන්දුව බලලා මගේ තීරණය කියන්නම්” – මන්ත්‍රී කුමාර වෙල්ගම

”ජනපතිගේ තීන්දුව බලලා මගේ තීරණය කියන්නම්” – මන්ත්‍රී කුමාර වෙල්ගම

341

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා තීන්දුව සලකා බලා තම තීරණය ප‍්‍රකාශ කරන බව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණා විතරයි. ඒ වගේම සජිත් පේ‍්‍රමදාසත් ජනාධිපති අපේක්ෂකයකු වෙයි. ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණත් අපේක්ෂකයකු දමාවි.

ඉතින් බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මේ ගැන මගේ ස්ථාවරය කියන්න තව දවස් කිහිපයක් යයි. මොකද මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ගන්න තීරණය මොකක්ද කියලා බලන්න ඕනෑ.

මෛතී‍්‍රපාල ජනාධිපතිතුමා හරි තීරණයක් ගත්තොත් මම ඒ තීරණයත් එක්ක ඉන්නවා. එතුමා වැරදි තීරණයක් ගත්තොත් මම එතැන ඉන්නේ නෑ. මට හරියන තීන්දුව ගත්තොත් මම එතුමා සමග ඉන්නවා. එතුමා මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්නේ. ඒ නිසා ඒ තීරණය බලලා මම මගේ තීරණය කියන්නම්.” යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here