Home Hit පොදුජන පෙරමුණෙහි නායකත්වය මහින්ද භාර ගනි!

පොදුජන පෙරමුණෙහි නායකත්වය මහින්ද භාර ගනි!

266

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය මීට සුළු මොහොතකට පෙර උත්කර්ෂවත් අයුරින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේදී ආරම්භ වීය.එහිදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බවට නිල වශයෙන් පත් විය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සමුලුව

Posted by Newshub.lk on Sunday, August 11, 2019

සියලු පුරවැසියන්ට ජාති, ආගම්වලින් තොරව එකට සිටිය හැකි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස පක්ෂ අද දිනයේ දී නිර්මාණය කළ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

එයට මුල්වු බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේ දිනය උදාවෙන එක නැවැත් වීමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ වැඩ කළ බවත් රාජපක්ෂ පවුලේ අයට දේශපාලනයට පැමිණීමට ඒමට නොහැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරල බවත්, ඔවුන් එවැනි දේ කරමින් තම නිදහස උදුරා ගත් බවත්, එනමුදු රටේ නිදහස වෙනුවෙන් තම නිදහස කැප කල බවත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

කිසිදු ආගමකට දර්මයකට වත්මන් ආණ්ඩුව සැලකුවේ නැති බවත්, වෛරකාර මෙම දේශපාලනයට යා හැකි දුර අද වන විට තීරණය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

වෛරය ඉදිරියට ගෙන යෑමට බලයට නොපැමිණෙන බවත්, තමන්ට ආදරය කරන ජනතාව දෙස පමණක් බලා සිටින බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වු දා සිට එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළ බවත් එහෙත් 2015 පසුව සිරිකොතේ හෙවනැල්ල වැටුණාම රටට ආදරය කරන අයට එතැන ඉන්න බැරි වු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here