Home Hit ”මුස්ලිම් විවාහ ලියාපදිංචිය ප්‍රමාද කරන්නේ උලමාවරුන් විසිනුයි” – සිතාරා ශ්‍රීන්

”මුස්ලිම් විවාහ ලියාපදිංචිය ප්‍රමාද කරන්නේ උලමාවරුන් විසිනුයි” – සිතාරා ශ්‍රීන්

302

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද කරනු ලබන්නේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයින් මුස්ලිම් මැති ඇමතිවරුන්ට බලපෑම් කිරීම නිසා යැයි සමාජ ක්‍රියාකාරිනියක වන සිතාරා ශ්‍රීන් අබ්දුල් සරූර් චෝදනා කරනවා.

ඇය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ලියමිනුයි මේ චෝදනා එල්ල කර සිටින්නේ.

එම ලිපියේ සඳහන් වන පරිදි,

“මෙම නීතිය ප්‍රතිසංස්කරණය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ වෙර දරණ ක්‍රියාකාරීන් මෙම උද්දච්ච ස්ත්‍රී විරෝධීන්ගේ කල්ලිය සමඟ සම්බන්ධවීමෙන් වෙහෙසටපත්ව සිටිති. මාර්සූෆ් කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට වසර නවයක් ගතකිරීමට එකම හේතුව වුයේද කමිටුවේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි නියෝජිතයන් වන එම්.අයි.එම්. රිස්වි (වසර 20ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ඉහළම තනතුර දරන්නාවු) සහ එහි ලේකම් මුබාරක් වැනි අයට උගත් ඉස්ලාමීය විද්වතුන් සහ නීති විශාරදයින් සමඟ එක් නිර්දේශ මාලාවක් සම්බන්ධයෙන් එකඟවිය නොහැකිවීමයි. මෙම අවසන් අදියරේදී ප්‍රතිසංස්කරණ ක්‍රිවලිය තම පාලනයට ගැනීමෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මාර්සූෆ් කමිටුවේ කටයුතු පැහැදිලිවම කඩාකප්පල් කරමින් සිටිති. ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන අවස්ථාවේදී මාර්සූෆ් කමිටුව විසින් අදාල සියලූ පාර්ශවකරුවන් (සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද ඇතුළුව) සමඟ සාකච්ඡ කරන ලදී.” යනුවෙන්ද සඳහන් වේ.

2019 ජුලි 15 වැනිදා මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට සැලසුම්කර තිබු යෝජිත ප්‍රතිසංස්කරණ 14ක් සහිත ලේඛනයක් නිල වශයෙන් නිකුත්වීමට පෙර පිටවූ බවට ද ඇය චෝදනා කර තිබෙනවා.

එසේම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් 2019 ජූලි 18 වැනිදා ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්ද ඇතුළුව නීත්‍යානුකූලව තේරීපත් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට අනතුරු අඟවමින් ඔවුන් එකඟවන කරුණු 14 ඇතුළත් කරමින් මෙම නීතිය ප්‍රතිසංස්කරණය කළහොත් ඔවුන් ඵෙතිහාසික ද්‍රෝහිකමකට සහ පාවාදීමකට මුස්ලිම් ප්‍රජාවට වගකිව යුතු බවට බියවැද්දීමක් කර අතැයි ද ඇය කියා සිටිනවා.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මැරවරකම්වලට නොදෙවෙනි ක්‍රියාවන් සිදුකරන බවත්, වෛරය පැතිරවීම නිසාවෙන් ඥාණසාර තෙරුන් සහ රතන තෙරුන් ජාතිවාදීන් ලෙස හඳුන්වන්නා සේම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සිටින රිස්වි සහ ඔහුගේ කණ්ඩායමට එලෙසම අභියෝග කළ යුතු බවටද ඇය යෝජනා කර සිටී.

විවාහ ලියාපදිංචි නොකිරීමෙන් මුස්ලිම් පිරිමි ප්‍රයෝජන ගන්නවා වැඩිදුරටත් මුස්ලිම් බහු විවාහ සම්බන්ධයෙන් උලමා සංවිධානය මෙලෙස විවේචනය කර තිබෙනවා.

”විවාහය අනිවාර්ය ලියාපදිංචියකි. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොන්දේසි සහිත බහු විවාහයන් සඳහා එකඟවී තිබුණ ද, ඔවුන් විවාහය අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීමට විරුද්ධය. වර්තමානයේදී බොහෝ කාන්තා කණ්ඩායම් මුස්ලිම් විවාහ ලියාපදිංචි නොකිරීමෙන් පැනනගින සංකීර්ණ ගැටළු පිළිබඳව වාර්තාකර ඇත. විවාහය ලියාපදිංචිකර නොමැති නම්, මුස්ලිම් පුරුෂයෙකු කොපමණ වාරයක් විවාහවී ඇත්දැයි ගණනය කිරීමට ක්‍රමයක් නොමැත. පිරිමින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කාන්තාවන් 4කට වඩා විවාහකරගත් අවස්ථා මට පෞද්ගලිකව හමුවී තිබේ. එක් විශේෂිත අවස්ථාවක, එම පුරුෂයාට භාර්යාවන් 13ක් සිටියේය. කිසිම ගෙවීමකින් තොරව ලිංගික සේවාවන් ලබා ගැනීමේ ක්‍රමයකි. මා විසින් හසුරුවනු ලැබූ සිද්ධීන් අනුව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි මෙම උලමාවරුන්ට ඔවුන්ගේ පිරිමින් මෙවැනි නොමිලේ ලිංගික සේවාවන් ලබාගැනීමෙහි යෙදීමට අවශ්‍යදැයි (අනිවාර්ය විවාහ ගෙවීම හෝ මහාර් නොමැතිව) මම විමතියට පත්වන්නෙමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here