Home Local සංචාරක ආකර්ශනය වෙනුවෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට යන කොල්ලො දෙන්නා

සංචාරක ආකර්ශනය වෙනුවෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට යන කොල්ලො දෙන්නා

588

පසුගිය අප්‍රේල් මාසයේ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසුව මේ රටේ සංචාරක ව්‍යාපරය දරුණු පසුබෑමකට ලක්වෙනවා. මෙරටට පැමිණිම අනුතුරුදායකයි කියලා ලෝකයේ බොහෝ රටවල් තම රටේ පුරවැසියන්ට කළ අනතුරු ඇගවීමත් එක්ක ලංකාවට පැමිණෙන සංචාරකයින් ගණන එන්න එන්න අඩු වෙනවා. මේක අපේ රටේ ආර්තිකයට කොයිතරම් තදින් බලපෑවද කියනවනන් ලංකාවෙ ප්‍රදාන ආර්තික මාර්ගයක් උනු සංචාරක ව්‍යාපාරය බිදවැටීම එක්ක හැමදේම උඩුයටිකුරු වෙනවා. මේ ත්ත්වය වෙනස් වෙන්න බොහෝ කාලයක් ගත වෙයි. ඒ උනත් මේ වෙලාවෙ මේ ත්රුණයො දෙන්නා ගන්න මේ උත්සහය ගැන අපි අනිවාර්‍යෙන්ම අගය කළ යුතුයි.

කිංස්වුඩ් කොලේජ් එකේ ආදි ශිෂ්‍ය චමිදු ආදිත්‍ය සහ ඔහුගේ මිතුරා යසිත් වීරසුන්දර අගෝස්තු 8 ලංකාවේ ඉහළම කෙළවර වන පේදුරුතුඩුවෙන් බයිසිකල් සංචාරයක් ආරම්භ කළා. පහු කරන හැම ස්ථානයකම මහ පොළවට මතක සටහනක් ලෙස පැළයක් සිටවමින් යන මේ පාපැදි සවාරියෙන් ඔවුන් කතබහට ලක් කරන්නෙ ලංකාවෙ උතුරු කොනේ ඉදල දකුණු කොණට නිරුපද්‍රිතව පා පැදියකින් යන්න පුලුවන් තරම් ආරක්ෂිත රටක් බව.

පසුගිය කාලෙ බෝම්බ ප්‍රහාර වලට ලක්වීමෙන් අනාරක්ෂිත රටක් යැයි ලොවේ කතාබහට ලක්වී සංචාරක ව්‍යාපාරය පවා බිඳ වැටුණු ලංකාව ගැන ජාත්‍යන්තරය ඉදිරියේ නැවත හොඳ ආකල්පයක් ඇති කරවන එක ඔවුන්ගේ සංචාරයේ එක අරමුණක්.එසේම මෙවැනි ගමනක් යනවිට මඟතොට හමුවන ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර සහ සහය ගැන කතාබහ කරමින් ලංකාව මනුස්සකම්වලින් පිරුණු රටක් බව ඔප්පු කරන්නටත් ඔවුන් වෙර දරනවා.ඒ සඳහා මදි නොකියන්න හයියක් වෙන රට වට බැඳි රන්වැට වන ආරක්ෂක අංශ නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ගමන පුරාම සුවිශේෂී සහයක් දක්වනවා .

ගමන් මග 
• අගෝස්තු 8 
යාපනේ ➡️ පේදුරු තුඩුව – 31km
පේදුරු තුඩුව ➡️ කිලිනොච්චි – 63km
• අගෝස්තු 9
කිලිනොච්චි ➡️ වවුනියා – 79km
• අගෝස්තු 10
වවුනියා ➡️ අනුරාධපුර – 57km
• අගෝස්තු 11
අනුරාධපුර ➡️ දඹුල්ල – 64km
• අගෝස්තු 12
දඹුල්ල ➡️ මහනුවර – 73km
• අගොස්තු 13
මහනුවර ➡️ හැටන් – 68km
• අගෝස්තු 14
හැටන් ➡️ බලන්ගොඩ – 67km
• අගොස්තු 15
බලන්ගොඩ ➡️ ඇඹිලිපිටිය – 69km
• අගෝස්තු 16
ඇඹිලිපිටිය ➡️ දෙවුන්දර තුඩුව – 65km
දෙවුන්දර තුඩුව ➡️ මාතර – 9km
• අගෝස්තු 17 මාතර ඉදන් කෝච්චියෙන් නුවර

ඉතින් පාලකයන් විසින්වත් හරිහමන් ක්‍රියාමාර්ගයක් නොගන්න වෙලාවක පොඩි කොල්ලො දෙන්නෙක්ගෙ මේ ක්‍රියාව පැසසුමට ලක්විය යුතුයි නේද? ලෝකය ට ශ්‍රී ලංකාව ගැන ආයෙමත් සුභවාදීව බලන්න ඕන කරන පොඩි තල්ලුවක් තමා මේ අය මේ දෙන්නෙ.  ශ්‍රී ලාංකිකයන් විදියට අපි හයියක් වෙමු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here