Home Local විහාරස්ථාන 10 000කට කුරාන බෙදන්න සූදානමක්-රිසාම් අරූස් හෙළිදරව් කරයි

විහාරස්ථාන 10 000කට කුරාන බෙදන්න සූදානමක්-රිසාම් අරූස් හෙළිදරව් කරයි

351

 සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුන් වහන්සේට සහ බෞද්ධ ජනතාවට එරෙහිව වෛරී ප්‍රකාශ සිදුකළ රිසාම් අරූස් යන පුද්ගලයා අද මාධ්‍ය හමුවකට සහභාගි වී තමා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. ඔහු පසුගිය කාලයේ දිගින් දිගටම සිංහල බෞද්ධයන්ට හා භික්ෂූන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළ අයෙකි. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඉදිරියේදී සිදුකිරීමට නියමිත තවත් අන්තවාදි ක්‍රියා කීපයක් පිළිබදව හෙළි කරනු කරනු ලැබුවේය.

පළමුව ඔහු සමාජ මාධ්‍ය තමා විසින් සිදුකළ ප්‍රකාශයන් පිළිබදව තමා කණ්ගාටුවට පත් වන බවත් සමස්ථ බෞද්ධ ජනතාවගෙන් හා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේ ය. ඉදිරියට තමන් අතින් එවැනි ක්‍රියා සිදුනොවීමට වගබලා ගන්නා බවට ඔහු තවදුරටත් පැවසීය.

ඒ අනුව ඔහු පවසා සිටියේ තවුහිද් ජමාත් සංවිදානය ඉදිරියේදී  විහාර 10000කට කුරාන බෙදා දීමට සූදානමක් ඇති බවයි.

“තවුහිද් ජමාඩ් සංවිධානය අලුත් වැඩක් කරනවා විහාර 10,000 කට කුරානය රහසිගතව බෙදන්න.ඒ සඳහා ඔවුන් සතුව මධ්‍යස්ථ පිරිසක් ඉන්නවා. පන්සලට යන ඉස්ලාම් ධර්මය වැළදගත් හාමුදුරුවරු ඒ අය ළඟ ඉන්නවාලු.ඒ සම්බන්ධ හඩපට මා ළඟ තියෙනවා. වගකීමෙන් කියන්නේ. ඒ අය උපයෝගි කරගෙන කුරානය පන්සල් ඇතුළට යවන්න පුළුවන්. දැනටමත් මුදල් අඩක් විතර යවලා තියෙනවා. කල්කටා සිට මාස 2 ක් ඇතුළත කුරානය ලංකාවට එන්න නියමිතයි. ලංකාවට එන්න තහනම් කළ පුද්ගලයෙක්, අබ්දුල් රාසික්ගේ ගුරුවරයා හරහා තමයි කුරාන ගෙන්වා ගන්නේ. විකෘති කළ දෙයක් තමයි සමාජගත කරන්න හදන්නේ. ඒ හරහා ප්‍රශ්න අවුලවන්න තමයි හදන්නේ. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ එකම සිතුවිල්ල ඡන්දය හන්දා මේ දේවල් යට ගහන්න.”

මුස්ලිම් දේශපාලනඥයින් යළිත් සිය අමාත්‍යධූර වල වැඩ භාර ගැනීම  සම්බන්ධයෙන්  ඔහු කියා සිටියේ එය රැවටීමක් බවත්  ත්‍රස්ථවාදයට අනුබලදෙන මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩුව තුළ සිටින බවත්ය. නම් වශයෙන් තමන් හිස්බුල්ලා පිළිබඳ හෙළිකළ බවත් රිෂාඩ් ගැන කිසිවක් ඔප්පු කරගන්නට නොහැකි වූ බවත් ඔහු කියා සිටියේය.

එසේම ලංකාවේ තවුහිද් ජමාත් සමාජිකයින් ලක්ෂ 6 කට ආසන්නව සිටින බවත් දේශපාලකයන්ට එම ඡන්ද ඉතා වැදගත් බැවින් ඔවුන් නිහඩව සිටින බවත් ඔහු පැවසි ය. එහිදී අදහස් දැක්වු සිංහලේ සංවිධානය ජාතික සංවිධායක  ප්‍රදීප් සංජීව ප්‍රකාශ කළේ රිසාම් අරූස් නැමැත්තා විසින් ඔහු විසින් සහරාන්ට 2006 දී ලැබුණු ISIS ත්‍රස්ත සහතිකයක් තමන් වෙත ඉදිරිපත් කළ බවයි. ඒ අනුව සහරාන් ISIS සංවිධානයත් සමඟ සම්බන්ධ බව ඔප්පු කළ හැකි ප්‍රධාන සහතිකයක් ලෙස එය හඳුනාගත හැකි බවත් වහාම රිසාම් අරූස් කැඳවා පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහු ිල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here