Home Entertainment ඉන්දියාවෙන් ”ලඩක්” නමින් බෞද්ධ ප්‍රාන්තයක් – PHOTOS

ඉන්දියාවෙන් ”ලඩක්” නමින් බෞද්ධ ප්‍රාන්තයක් – PHOTOS

844

ඉන්දියාවේ උතුරුදිග ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ‘ලඩක්’ නමින් අලුත්ම ප්‍රාන්තයක් ප්‍රකාශ කිරීමට ඊයේ ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

70%කට වැඩි බෞද්ධයින් පිරිසක් වාසය කරන මෙම ප්‍රදේශය ඉන්දියාවේ එකම බෞද්ධ ප්‍රාන්තය ලෙසයි මින් ඉදිරියට
කටයුතු කරනු ඇත්තේ.

චීනයට යාබද හිමාලයානු බෝඩරයට සම්බන්ධ ලඩක් ප්‍රාන්තයක් ලෙස තමන් තවම පිළිනොගන්නා බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

වර්ග කිලෝමීටර 59146කින් යුතු ලඩක් මිලියන 12.2 ක ජනගහණයක් වාසය කරන ප්‍රදේශයක් වන අතර ඉන්දීය අගමැති මෝදි මෙම ප්‍රාන්තය නම් කරන්නට හේතු වූයේ ඉදිරියේදී මෙම ප්‍රදේශයට චීන බලපෑම ලැබීමෙන් ඉවත්වීමට උපායක් ලෙස බවයි විදෙස් විචාරකයින් අදහස් දක්වා ඇත්තේ.

බෞද්ධ සිද්ධස්ථාන හා සංචාරක පිහිටීම් ගණනාවක් මෙන්ම හිමාල කඳු තරණයට ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන ලඩක් සංචාරක කර්මාන්තය නිසා විශාල ආදායම් උපයන බව පැවසෙනවා.

මෝදි මෙම ප්‍රාන්තය නම් කිරීමෙන් පසු බෞද්ධ ප්‍රාන්තයක් ලෙස ශ්‍රී ලංකාවටද එහි වැදගත්කමක් පවතින බව දක්වමින් අගමැති රනිල් ට්විටර් පණිවිඩයක් යොමු කර ඇති අතර තමා ලඩක් ප්‍රදේශයේ සංචාරය කර තිබෙන බවද අගමැතිවරයා දන්වා තිබෙනවා.

Image result for ladakh
Image result for ladakh
Image result for ladakh
Image result for ladakh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here