Home Local සෙට්ටිකුලමේ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

සෙට්ටිකුලමේ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

280

වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව සෙට්ටිකුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසු‍වේ සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට මැණික්ෆාම් ප්‍රදේශය දක්වා ගමන්ගත් යතුරුපැදි දෙකක් පෙරළිගොස් අනතුර සිදුව ඇති බවයි.

සෙට්ටිකුලම සිට මැණික්ෆාම් දෙසට වේගයෙන් එකිනෙකා පරයා ගමන් කිරීමට උත්සහ කිරී‍මේදි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගොස් ඇති අතර, අනෙක් යතුරුපැදියද පෙරළුන යතුරුපැදියේ ගැටී පෙරළි ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියක ගමන්ගත් සෙට්ටිකුලම,මැණික්ෆාම් ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමනියම් තණුජන් නමැති 19 හැවිරිදි තරුණයෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබු තරුණයින් තිදෙනෙකු වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් ලර සිටියා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අධික වේගය අනතුරට හේතුවි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here