Home Hit කොළඹ ඉන්න මුස්ලිම් ජනතාව මෙවර එජාපයට පාඩමක් උගන්වනවා-උවයිස්

කොළඹ ඉන්න මුස්ලිම් ජනතාව මෙවර එජාපයට පාඩමක් උගන්වනවා-උවයිස්

350
0

කොළඹ නගරයේ ජනතාවට නව ජීවයක් ලබාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් සංවිධායක ඒ.එල්.එම්.උවයිස් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(23) පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්.

යහපාලන ආණ්ඩුව මුස්ලිම් ජනතාව රවටා ගනිමින්, සිටින බවත් පැවසු උවයිස් මහතා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු, ආණ්ඩුකාරවරු සියලු දෙනා මුස්ලිම් මිනිසුන් රවටා ගෙන ඇති බව ද කියා සිටියේය.

අද වන විට කොළඹ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව පැවසු ඒ මහතා, මහින්ද මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තත්ත්වය එදා වෙනස් කර අලුත් ජීවිතයක් කොළඹ ඉන්න මුස්ලිම් ජනතාවට දුන් බව ද පැවසීය.

අද වන විට මුස්ලිම් ජනතාවට එය තේරුම් ගොස් ඇතැයි ද පැවසු උවයිස් මහතා, කොළඹ සිටින මුස්ලිම් ජනතාව ඉතා පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයට පාඩමක් උගන්වන බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here